මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට සතුටු හිතෙන ආරංචියක්
Global Banking & Finance Review Awards 2026 හිදී මහජන බැංකුවේ ආසියානු බැංකු ඒකකය (PBIBU) ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇත.
ඒ අනුව මෙම ජයග්‍රහණය සඳහා PBIBU ඒකකයේ ස්ථාවරතාව, විශ්වාසනීයතාව සහ ලාභ මට්ටම්වල නිරන්තර වර්ධනය හේතු වී තිබෙන අතර, 2022, 2023 සහ 2025 වසරවලද මහජන බැංකුවට සමාන සම්මාන හිමිව තිබෙනවා.
එසේම ගනුදෙනුකරුවන් සමඟ පවතින ශක්තිමත් සබඳතා සහ උසස් සේවා ගුණාත්මකභාවය, දීර්ඝකාලීන ව්‍යාපාරික වර්ධනයට දායක වන ප්‍රධාන කරුණු වශයෙන් මෙහිදී අවධාරණය කර ඇත.
Global Banking & Finance Review Awards යනු ලෝක පුරා බැංකු සහ මූල්‍ය ආයතන අතර විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන සම්මාන වැඩසටහනක් වේ.
කෙසේ වෙතත් මෙම සම්මාන ප්රදානය කරනු ලබන්නේ නවෝත්පාදන, සේවා ගුණාත්මකභාවය සහ සමස්ත ක්ෂේත්‍ර දායකත්වය මතයි.