පාස්පෝට් තදබදේට මොකද වුණේ?. ගන්න යන ඔයාටයි මේ ආරංචිය..

Report

දින කිහිපයක් තිස්සේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් නිර්මාණය වී පැවතිණ.

එය අද (30) වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබෙනවා.

රාජ්‍ය පාලනයේ අලුත්ම වෙනසක්.. කරන්න යන දෙය මෙන්න..

රාජ්‍ය පාලනයේ අලුත්ම වෙනසක්.. කරන්න යන දෙය මෙන්න..


ජනතාව සඳහන් කළේ, කිසිදු තදබදයකින් තොරව තම විදෙස් ගමන් බලපත්‍රය අද ලබා ගැනීමට හැකි වූ බව ය.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් පැවතියේ ය.

ඒ, දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීමත් සමග ය.

කෙසේ වෙතත්, දිනකට බලපත් දහසක් නිකුත් කිරීමට බලධාරීන් පෙරේදා පියවර ගත්තේ ය.

පොහොට්ටුවත් එකවරම විශේෂ තීරණයක.. රටම බලාගෙන හිටිය දෙය මෙන්න..

පොහොට්ටුවත් එකවරම විශේෂ තීරණයක.. රටම බලාගෙන හිටිය දෙය මෙන්න..


එමෙන්ම, දින කිහිපයක් තිස්සේ පෝලිම්වල රැඳීසිටි ජනතාවට අස්වැසිල්ලක් වෙමින් පැමිණීමේ පිළිවෙලට ටෝකන් ලබාදීම සිදුකිරීමට පොලීසිය එදින කටයුතු කළේ ය.