කැම්පස් කෙල්ලගේ නිරුවත් ෆොටෝ රු.500ට විකුණලා...

Report

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් තවත් විශ්ව විද්‍යාල සිසුවෙකුගෙ ඉල්ලීම පරිදි රුපියල් 500ක මුදලකට වස්ඇප් වෙත යොමුකළ ශිෂ්‍යයෙකුට රුපියල් 5000 දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියම කළාය.

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

එම දඩ නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියට පත් විශ්ව විද්‍යාල දැරියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොණ කළ පැමිණිල්ලක් අනුව අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන් සැකකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට මෙම දඩ හා වන්දි මුදල් නියම කළාය. අසභ්‍ය ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනාවන් දෙකක් සැකරුට ඉදිරිපත්කෙරිණි.

6 ශ්‍රේණියේ සිසුවා 9 ශ්‍රේණියේ මිතුරාව පිහියෙන් ඇන මරා දමයි.

6 ශ්‍රේණියේ සිසුවා 9 ශ්‍රේණියේ මිතුරාව පිහියෙන් ඇන මරා දමයි.

අදාළ චෝදනාවන්ට විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගන්නා බව විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

විත්තිකරු එම විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ ඉල්ලීම පරිදි රුපියල් පන්සියයක් රැගෙන අදාළ ඡායාරූපය වම්සැප් සමූහයක් වෙත යොමු කර ඇති බවත්, එම සැකකාර ශිෂ්‍යයා හෝ පැමිණිලිකාරිය කිසිසේත් හඳුනන පුද්ගලයින් නොවන බවත්,විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පළමු වසරේදීම සිදු කරගත් මෙම අවාසනාවන්ත ක්‍රියාව සම්බන්ධයෙන් විත්තිකරු වසරක් තිස්සේ පසුතැවෙන බවත්,නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇද්ද යන්න පිළිබඳව විමසා සිටියාය. පැමිණීලිකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යාව සමඟ සම්බන්ධයක් ඇතිකර ගෙන ඡායාරූප සමාජ මහත්තයට මුදාහළ ප්‍රදාන සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, ඔහු විසින් මෙම සැකකරුට අදාළ ඡායාරූපය පළ කිරීම සඳහා යොමු කර ඇති බවත්, රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කළේය.

තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට

තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට

අගතියට පත් පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පැමිණිලිකාර ශිෂ්‍යාව අදාළ සිදුවීමෙන් පසුව සියදිව නසා ගැනීමට පවා පෙළඹී ඇති බවත් ,වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඇය යථා තත්ත්වයට පැමිණ ඇති බවත් සඳහන් කළේය.