මුළු රටම අවුරුදු සමරන්න සූදානමෙන්, තැන තැන අවුරුදු උත්සව

Report

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ අතරමැදි නිවස්නයේ නේවාසිකයින් සඳහා ද අවුරුදු උත්සවයක් සංවිධාන කර තිබුණි රෝහල් පරිශ්‍රෙය් දී පැවති අවුරුදු උත්සවයේ දී අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම ද සිදු කර තිබේ.

  සෞඛ්‍ය විද්‍යාතනයේ නේවාසිකව සිටින පිරිස් සඳහා ත්‍යාග ලබාදීමට ද කටයුතු කරන ලදි ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂිකා සිල්වා, සිංහාධිපති මහේෂ් බොරලුගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට එක්ව තිබුණි

 අවුරුදු ක්‍රිඩාවලට මුල්තැන දෙමින් එම අවුරුදු උත්සව සංවිධාන කෙරෙන අතර විදෙස් සංචාරකයින්ගේ සහභාගිත්වයෙන් ද අවුරුදු උත්සව කිහිපයක් පවත්වා ඇත.

ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන සේවා ගැන දැනුවත් කිරීමක්

ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන සේවා ගැන දැනුවත් කිරීමක්

අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේදී අවුරුදු උත්සවයක් පැවැත්වුණේ මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයින් පිරිසකගේ සහභාගීත්වයෙනි .

අවුරුදු ක්‍රීඩා රැසක් එහිදී පැවැත්වුණු අතර සංචාරකයින් උද්යෝගයෙන් ඒ සඳහා එක්ව තිබුණි කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සංවිධාන කළ ජනාධිපති සුර්ය මංගල්‍ය 2026 අලුත් අවුරුදු උත්සවය විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විය.

සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් අවුරුදු චාරිත්‍ර පැවැත්වීමද මෙහිදී විශේෂත්වයකි කනාමුට්ටි බිදීම, බනිස් කෑම, අලියට ඇහැ තැබීම, ඇතුළු සාම්ප්‍රදායික ක්‍රිඩා රැසක් මෙන්ම දරුවන් වෙනුවෙන් නව ක්‍රීඩා රැසක් ද මෙහිදී පැවැත්විය.

  ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති එච්. බී. ඒස්. රූපසිංහ මහතාගේ උපදෙස් මත සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවයට බොහෝ පිරිසක් එක්ව තිබුණි

හෝමාගම කිරිවත්කුඩුව අනුහස් පෙරපාසල සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවය පාසල් පරිශ්‍රයේදී පැවැත්විය.

  අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ දරුවන් දැනුවත් කරමින් පැවැත්වුණු මෙම උත්සවයේදී දරුවන් වෙනුවෙන් විශේෂ ක්‍රිඩා රැසක් සංවිධාන කර තිබුණි.

කලවාන නගරන්ගල ඕලු පෙරපාසල ද “පුංචි අපට අවුරුදු ආවා” තේමාවෙන් අවුරුදු උත්සවයක් සංවිධාන කරන ලදි ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු අවුරුදු උත්සවයේදී අවුරුදු ක්‍රිඩා රැසක් පැවැත්විය