විශ්‍රාම ගිය, හිටපු යුධ හමුදාපතිවරයාට ලැබුණ අලුත් තනතුර..

Sri Lanka
By krishani May 31, 2022 08:31 AM GMT
krishani

krishani

Report

මේ දක්වා යුද්ධ හමුදාපති ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද(31) එම ධුරයෙන් විශ්‍රාම යන අතර එම මහතාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර ඇත.

ඒ අනුව මෙතෙක් වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙට(01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු කරනු ඇති අතර එම පත් කිරීමට අදාළ පත්වීමේ ලිපිය අද කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා විසින් ඔහු වෙත බාර දී තිබේ.

ReeCha