විගමණික ශ්‍රමිකයන්ට කෝටියක් දක්වා නිවාස ණය

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත වීමට වසර 40ක් සපිරීම නිමිත්තෙන් හෙට (17) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වේ.

“දේශ සීමා ඉක්මවා - ශ්‍රී ලාංකිකයින් බලගැන්වීම්” තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය වන අතර, විගමණික ප්‍රජාවට පහසුකම් රැසක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත.

රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට සතුටුදායක ආරංචියක්

රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට සතුටුදායක ආරංචියක්

ප්‍රධාන පහසුකම් ටික;

  • නිවාස ණය රු. මිලියන 10 දක්වා ඉහළ දැමීම (කෝටියක් දක්වා).
  • මරණ දීමනාව රු. 40,000 සිට රු. 100,000 දක්වා ඉහළ නැංවීම.
  • මරණ රක්ෂණ වන්දි රු. ලක්ෂ 6 සිට රු. ලක්ෂ 20 දක්වා ඉහළ දැමීම.
  • විගමණික දරුවන්ට මූල්‍ය ආධාර හා ලැප්ටොප් පරිගණක ප්‍රදානය.
  • නව්‍යකරණය කළ 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීම.
  • කාර්යාංශයේ ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භය.
  • සාර්ථක ව්‍යාපාරික විගමණිකයන් හා දීර්ඝකාලීන රැකියා ආයතන ඇගයීම.
  • ජනාධිපති අරමුදල මගින් විගමණික පවුල්වලට ප්‍රතිලාභ.

ජනපති අරමුදලෙන් නාමල්ගේ උපන්දින සැමරූ හැටි හර්ෂණ මැති සබයේ හෙළි කරයි

ජනපති අරමුදලෙන් නාමල්ගේ උපන්දින සැමරූ හැටි හර්ෂණ මැති සබයේ හෙළි කරයි

මෙම වැඩසටහන් මගින් විගමණික ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හා ඔවුන්ගේ පවුල්වල ආර්ථික ස්ථායිතාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

අයස්ථානයේ චන්ද්‍රයා ගෝචර වී වස්තු සම්භාර උතුරා යමින් වාහන සැප සම්පත් ළඟා කරදෙන අද ලග්න පලාපල

අයස්ථානයේ චන්ද්‍රයා ගෝචර වී වස්තු සම්භාර උතුරා යමින් වාහන සැප සම්පත් ළඟා කරදෙන අද ලග්න පලාපල