වාහන ආනයනය ගැන අලුත් ගැසට් නිවේදනයක්

Report

මුදල් අමාත්‍යංශය මඟින් අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ වාහන ආනයනය සම්බන්ධයෙන් පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමිනි. මෙම ගැසට් නිවේදනය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන් වේ.

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව

ඒ අනුව වරායේ ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකි වී තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ පිළිබඳ පැහැදිලි කරන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා ප්‍රකාශ කළේ

"දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට නිෂ්කාශනය කරගැනීමට බැරුව තිබුණා. Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ අලුත් ගැසට් එක නිසා දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව තිබෙනවා.ඒ වගේ මේ තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහනත් නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා." යන්නයි.

පාර්ලිමේන්තු කටයතු පිලිබඳ කාරක සභා රැස්වීමක් අද

පාර්ලිමේන්තු කටයතු පිලිබඳ කාරක සභා රැස්වීමක් අද

එසේම ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන් වේ.

එබැවින් ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය කිරීම සඳහා  පනවා තිබූ තහනමද ඉවත්කර තිබෙනවා.