පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප,විශ්‍රාම වයස මෙන්ම රාජ්‍ය ආයතනවල දුරකථන වියදම පිළිබඳ නවතම තීරණයක්

By Sewvandhi Nov 12, 2021 09:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය ආයතනවල දුරකථන වියද ම ද සියයට 25කින් කපා හැරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා. එමෙන්ම අමාත්‍යංශවල පරිපූරක ඇස්තමේන්තු ඉල්ලීමෙන් වළකින ලෙසටයි ඔහු කියාසිටියේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර 10ක් දක්වා දීර්ඝ කරන බව ද 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කියාසිටියා.

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට නව වැටුප් ව්‍යූහයක් ද යෝජනා කර තිබෙනවා. ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවයේ විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටියේ.

සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට තාර්ඛික ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම , ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට සඳහා රාජ්‍ය සේවයේ විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කියාසිටියේ සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට තාර්කික ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බවයි. උසස් මට්ටමේ අපනයනකරුවන් සඳහා නිදහස් රේගු පහසුකම් ලබාදීම සඳහා ද මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා කළා.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරුණු අතර ගුවන්විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීමේදී විවෘත වෙන්දේසි ක්‍රමයක් ද යෝජනා කර තිබෙනවා. ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් පිහිටු වීමට ද මුදල් අමාත්‍යවරයා විසින් අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළා.

මේ අතර විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වාදීමට ද යෝජනා කර තිබෙනවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සඳහා පනතක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී 2022 වසර වෙනුවෙන් ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට යෝජනා කෙරුණා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha