අතුරුදන් වූ අටලුගම නව හැවිරිදි කුඩා දැරිය පිළිබඳව පොලිස් විමර්ශන..
Sri Lanka Police
Sri Lanka
By krishani
බණ්ඩාරගම - අටලුගම ප්‍රදේශයේ අතුරුදන් වූ නව හැවිරිදි දැරිය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙන අතර ඔවුන් මෙහෙයුම් ආරම්භ කර ඇත.
ඊයේ(27) උදෑසන සිය නිවසට මීටර් 250 ක් පමණ දුරින් පිහිටි කුකුළු මස් වෙළඳසැලකට ගොස් ඇති මෙම දැරිය යළි නිවසට පැමිණ නොමැති අතර ඒ ගැන දැරියගේ දෙමව්පියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි පොලිස් පරීක්ෂණ ආරම්භ කළේ.
අතුරුදන් වී ඇත්තේ ෆාතිමා අයීෂා නැමති අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් වන අතර මේ ගැන ඊයේ රාත්‍රියේ දැරියගේ පියා පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම් ද සිදුකර ඇති අතර දැරියගේ මවගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
