සිරව තිබූ කිරිපිටි නිදහස ලබයි..
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම හේතුවෙන් කිරිපිටි කිලෝග්‍රැම් ලක්‍ෂ 4ක් වරායේ සිරව තිබුණේ ය.
එය රුපියල් මිලියන 118 ක බැංකු ඇපකරයක් මත නිදහස් කරගත් බව පියෝඩේල් කිරිපිටි සමාගමේ සභාපති ආචාර්ය ලක්‍ෂ්මන් විජේසූරිය මහතා සඳහන් කළේය.
එම කිරිපිටි තොගය නිදහස් කර නොගත්තේ නම් නරක් වීමේ අවධානමක් තිබූ බවත් එසේ වූයේ නම් රුපියල් මිලියන 600 ක් පාඩුක් දැරීමට සිදුවන බවත් ඒ මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |