කන්න තියන හාල් ටිකට වින කරනවට නියම දඩුවමක්

Report

රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇත. ඊට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වෙළෙඳසැල් හිමියාට රුපියල් 500,000ක දඩ මුදලක් නියම කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.

කිරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ තොග වෙළදසැලකට රුපියල් 200,000ක දඩ මුදලක් ද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර තිබේ.

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 2451/41 දරණ ගැසට් නිවේදනය අනුව පොලිතින් බහාලුම් මලු හෙවත් සිලි සිලි මළු සඳහා මුදල් අයනොකර ලබාදීම සම්බන්ධයෙන් වරද පිළිගත් ව්‍යාපාරිකයෙකුට ද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර ඇත.

මෙන්න ආච්චි මිනි පෙට්ටියෙන් නැගිටලා ඇවිත් - හිමිට පෙට්ටියට තට්ටු කරලා

මෙන්න ආච්චි මිනි පෙට්ටියෙන් නැගිටලා ඇවිත් - හිමිට පෙට්ටියට තට්ටු කරලා