සහල් මිල ඉහළට..? සහල් හිගයට දුන් අලුත්ම විසදුම..

Report

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ, සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බවයි.

ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද හිමිවූ බව අමාත්‍යවරයා පැවසීය.