කිසිදා කවුරුත් නොසිතූ දෙයක් දෙමහල් නිවසකින් හමුවෙයි..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
By Sewvandhi
බස්නාහිර පළාත දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගංජා වගාවක් ඊයේ (18) දහවල් වටලා තිබේ.
පොලීසිය පවසන්නේ, අදාළ නිවසේ පහත මහලේ කාමරයක් වායු සමනය කර ගංජා පැළ 174කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබූ බවයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවෙකු කුෂ් මත්ද්‍රව්‍ය පාර්සල් කරමින් සිට ඇති බවත් වාර්තා වෙයි.
සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දහයක් පමණ වන බවද පොලීසිය පවසයි. තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් ලෙසින් පවත්වාගෙන ගොස් ඇති අදාළ නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවද වාර්තා වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 48 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.