මෛත්‍රී අත එපා කියයි

Report

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අත්වී ඇති පරාජිත තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා වහාම පක්‍ෂය භාරගෙන අවශ්‍ය ප්‍රතිසංධාන කටයුතු සිය මූලිකත්වයෙන් සිදු කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හිටපු මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකයන් හා පිරිසක් කළ ඉල්ලීම හිටපු ජනපතිවරු විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා ද සිරගතව සිටින හෙයින් පක්‍ෂයේ ඉදිරි ගමන අනාරක්‍ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් දැනට සිටින නායකත්වයත් සමග එකතු වී පක්‍ෂය ශක්තිමත් කිරීමට සිය නායකත්වය ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කළ බවද එම සංවිධායකයෝ ‘සඳහන් කළහ.

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මෙහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමාට පක්‍ෂයේ කිසිදු තනතුරක් භාර ගැනීමට නොහැකි බවය. එමෙන්ම පක්‍ෂ විධායක සභාව හා මධ්‍යම කාරක සභාව රැස්කර දැනට පක්‍ෂයට සුදුසු ක්‍රියාකාරීන් පක් කිරීමට තීන්දු තීරණ ගන්නා ලෙසයි.

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට