දකුණු මුහුදේ තෙල් කාන්දුවේ අලුත්ම තත්ත්වය මෙන්න

By Mithu Mar 08, 2026 02:28 PM GMT
Report

හික්කඩුව සහ දොඩම්දූව වෙරළ තීරවල වාර්තා වූ තෙල් පැල්ලම් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නිරීක්ෂණයට ගෙන ඇත. අද (8) පැවති මාධ්‍ය හමුවේ සභාපති සමන්ත ගුණසේකර පවසන්නේ, තෙල් පැල්ලම් ප්‍රමාණයෙන් ඉතා කුඩා බවයි.

ඔහු සඳහන් කළේ, වෙරළට ගොඩ ගසා තිබූ තෙල් බැරල් 4ක් තිබූ අතර ඒවා බොහෝ විට ලිහිසි තෙල් විය හැකි බවට අනුමාන කළ හැකි බවයි.

මෙම වෙරළ තීරයෙන් ලබාගත් තෙල් සාම්පල දැන් වැඩිදුර පරීක්ෂණ සඳහා ඛනිජ තෙල් සංස්ථාවට යැවීමට කටයුතු කර තිබේ.

දකුණු ලෙබනනයේ තෙමහල් ගොඩනැගිල්ලකට දරුණු ප්‍රහාරයක් - ළමුන් ඇතුළු 19 දෙනෙකු මියයයි

දකුණු ලෙබනනයේ තෙමහල් ගොඩනැගිල්ලකට දරුණු ප්‍රහාරයක් - ළමුන් ඇතුළු 19 දෙනෙකු මියයයි

කුමන නැවකින් මෙම තෙල් බැරල් පැමිණ තිබේදැයි නිශ්චිතව කියා නොහැකි අතර, අද දිනයේදී හමුවූ බැරලවල බොහෝ විට විනාශයට පත් වී ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තෙල් පැල්ලම් බොහෝවිට බැරලවලින්ම පැතිර ඇති බවත්, සියලු කාර්යාංශ එකතුවෙන් මෙම ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කර තිබේදැයි ඔහු අවධාරණය කළේය.

සිංහල කලාව පෝශණය කළ තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවි ගමනට සමුදෙයි

සිංහල කලාව පෝශණය කළ තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවි ගමනට සමුදෙයි