ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තැබේ
ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.
2009 වසරේ සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් සිදුව ඇති බව කියන ගනුදෙනු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමේ පසුබිමක මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ විමර්ශනය සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අද පෙරවරුවේ CID වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
විමර්ශන ක්‍රියාවලියේ කොටසක් ලෙස ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලය තාවකාලිකව මුද්‍රා තැබීමට CID කටයුතු කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.