AKD කියපු කාලේ ඉවරයි.. දැන් අහන්නේ “අර පචයා නේද?” - මන්ත්‍රී අර්චුනා
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පිළිබඳ දැඩි විවේචන එල්ල කළේය.
ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයා තම ධුර කාලයෙන් පසුව සාමාන්‍ය ජනතාව අතරට ගමන් කරන අවස්ථාවලදී, ජනතාව ඔහුව “බොරුකාරයෙකු” ලෙස හඳුනාගන්නා තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. “අර පචයා නේද මේ යන්නේ” යනුවෙන් පාරේ ජනතාව ප්‍රශ්න කරන තත්ත්වයක් උදාවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයෙන් එල්ල වන චෝදනා සඳහා පිළිතුරු ලෙස “ටකරමකට ලක්ෂයක් දෙන්නම්” වැනි ප්‍රකාශ කරන බවයි. එහෙත්, එක් ටකරම් තහඩුවක් සඳහා එවැනි මුදලක් ලබා දුන් අවස්ථාවක් තමන් කිසිදා දැක නොමැති බවද ඔහු අවධාරණය කළේය.
අසත්‍ය ප්‍රකාශ කරමින් ඉතිහාසයේ “පච ජනාධිපතිවරයා” ලෙස නම් කෙරෙමින් ධුරයෙන් ඉවත් වන අවස්ථාවේදී එය කොතරම් අසහනයක් ගෙන දෙනවාද යන්න පිළිබඳව සිතා බැලිය යුතු බවද ඔහු පැවසීය.
එවැනි තත්ත්වයක් තුළ, ධුරයෙන් පසුව නැවතත් ජනතාව අතරට ගමන් කිරීම පවා අපහසු වනු ඇති බවද අර්ජුනා රාමනාදන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.