ලොවම පුදුම කළ 'Artemis II' මෙහෙයුම අවසන් , නාසා ආතනයෙන් සටහනක්
'Artemis II' මෙහෙයුම යටතේ ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ගගනගාමීන් සිව්දෙනා සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර මේ වනවිට පෘථිවියට පැමිණ තිබේ.
ගගනගාමීන් රැගත් ඔරායන් යානය මෙරට වේලාවෙන් අද (11) අලුයම 5.30ට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බස්සවනු ලැබීය.
ලෝකෙම බලන් හිටපු ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව නිම වෙයි - ආටෙමිස් II යානය ආරක්ෂිතව පැසිෆික් සාගරයට
මෙම ඉතිහාසගත මෙහෙයුමේදී ගගනගාමීන් රැගත් යානය සිය ගවේෂනය නිම කර නැවත පෘථිවියට පැමිණෙන පිළිබඳ සටහනක් නාසා ආතනය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.
සැතපුම් 75 ක් (කිලෝමීටර් 120) ඉහළදී: පැයට සැතපුම් 25,000 ක (පැයට කිලෝමීටර් 40,000) වේගයෙන් යානය වායුගෝලයට ඇතුළු වේ.
මෙහිදී ඇතිවන අධික වායු ඝර්ෂණය නිසා යානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,750 ක් (ෆැරන්හයිට් 5,000) දක්වා ඉහළ යයි. අඩි 25,000 ක් (කිලෝමීටර් 7.5) ඉහළදී: යානයේ වේගය පැයට සැතපුම් 325 දක්වා අඩු වේ.
මෙහිදී යානය ස්ථාවර කර ගැනීමට සහ වේගය තවත් අඩු කිරීමට කුඩා පැරෂුට් දෙකක් (Drogue parachutes) විවෘත වේ.
අඩි 9,000 ක් (කිලෝමීටර් 3) ඉහළදී: වේගය තවත් අඩු වී (පැයට සැතපුම් 130), ප්‍රධාන විශාල පැරෂුට් තුනක් විවෘත වේ. මුහුදට පතිත වීම (Splashdown): අවසානයේ පැයට සැතපුම් 20 ක පමණ ඉතා අඩු වේගයකින් යානය පැසිෆික් සාගරයට ආරක්ෂිතව පතිත වේ. ඉන්පසු නාවික හමුදා කණ්ඩායම් මගින් යානය සහ ගගනගාමීන් මුදාගනු ලබයි.
මෙය සඳ වටා ගොස් නැවත පැමිණෙන යානයක් ඉතා අධික වේගයකින් සහ උෂ්ණත්වයකින් ආරක්ෂා වී පොළොවට එන ආකාරය පෙන්වන තාක්ෂණික සටහනක් වේ