අපි සාකච්චා කරන්නේ ලෙබනනය සමග විතරයි - හිස්බුල්ලා සමග නෙමෙයි - ඉරානයෙන් සැර ප්‍රකාශයක්
ලබන සතියේ වොෂින්ටනයේ පැවැත්වෙන එක්සත් ජනපද-ලෙබනන් සාකච්ඡා අතරතුර හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් විරාමයක් ගැන සාකච්ඡා නොකරන බව ඊශ්‍රායලය නිශ්චිතවම ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉහළ නිලධාරීන්ගේ පීඩනය මත අඟහරුවාදා (14) එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී සාකච්ඡා පැවැත්වේ. ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ ලෙබනන් තානාපති නාඩා හමාදේ සහභාගී වන මෙම රැස්වීම, දෙරට අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැතිකම හේතුවෙන් ඓතිහාසික පියවරක් ලෙස සැලකේ.
කෙසේ වෙතත්, හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීම එහි ප්‍රධාන ඉලක්කය බැවින් එම සංවිධානය සමඟ සම්මුතියක් ඇති කර නොගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටී.
අනෙක් අතට, සාකච්ඡා සඳහා රාජ්‍ය තාන්ත්‍රික සූදානම දැඩි ලෙස සිදුවෙමින් පවතින අතර, ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව පවතී. පසුගිය දින කිහිපය තුළ පමණක් සිය ගණනක් පුද්ගලයින් මිය ගිය බවට වාර්තා වීමත් සමඟ, එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාමය ලෙබනනයට අදාළ නොවන බව ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය පැහැදිලි කර ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන්, ලෙබනනයට එල්ල වන ප්‍රහාර නතර නොකළහොත් සාම සාකච්ඡාවලට සහභාගී නොවන බවට ඉරානය අනතුරු අඟවා තිබේ. හිස්බුල්ලා නායක නයිම් කසෙම් ද ලෙබනන් රජයෙන් ඉල්ලා සිටියේ ඊශ්‍රායලයට කිසිදු සහනයක් ලබා නොදෙන ලෙසයි.
මෙතරම් නොසන්සුන් හා සංකීර්ණ දේශපාලන වාතාවරණයක් මධ්‍යයේ වොෂින්ටනයේ පැවැත්වෙන සාකච්ඡා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අපේක්ෂාවන් ඉහළ නංවා තිබේ.