ඊශ්‍රායල සීමා මගින් ගාසා තීරයේ පාන් හිඟය තද වෙයි
By Shehan
ඊශ්‍රායල රජය පනවා ඇති දැඩි සීමා කිරීම් හේතුවෙන් ගාසා තීරය පුරා පාන් හිඟය දැඩි වර්ධනයකට පත්ව ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
අමෙරිකානු මැදිහත්වීමක් මත පසුගිය මාස 6ක කාලයක් “සටන් විරාමය” ක්‍රියාත්මක වුවත්, ගාසා වෙත පිටි, ඉන්ධන සහ මුදල් ගලා ඒම දැඩි ලෙස අඩාල වී තිබේ.
පාන් නිෂ්පාදනයේ අර්බුදය හේතුවෙන්, ප්‍රදේශයේ වැසියන්ගේ ප්‍රධාන ආහාරය සපයන බේකරි හිමියන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිති.
ඉරානය සහ ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සමගාමීව, ඊශ්‍රායලය ගාසා තීරයට සහ බටහිර ඉවුරේ අත්පත් කළ ප්‍රදේශවලට අඛණ්ඩව ප්‍රහාර යොදමින් පවතී.
යුද තත්ත්වය සහ සීමාකාරී පරිසරය හේතුවෙන්, ගාසා වැසියන්ගේ දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම දිනෙන් දින වඩා දුෂ්කර වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.