පුදුම වාසනාවක්නේ - මිලියන 75 ක තෑගි මුදලක් ලොතරැයියෙන්

Report

කැනඩාවේ, ලොතරැයි ටිකට් පතේ ත්‍යාගයක් ලෙස ඩොලර් මිලියන 75 ක දැවැන්ත ත්‍යාග මුදලක් දිනා ගෙන ඇත. දිනුම් ඇදුණු ලොටෝ මැක්ස් ලොතරැයියේ ඩොලර් මිලියන 75 ක ජැක්පොට් ජයග්‍රාහකයා බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ පෙන්ටික්ටන්හිදී මෙම ලොතරැයි ටිකට් පත මිලදී ගත්තේය.

මිලියන 33 න් එක් අයෙකුට පමණක් ලබා ගත හැකි මෙම දුර්ලභ අවස්ථාව, අංක හතක් ගලපමින් මෙම පුද්ගලයා විසින් දිනාගැනීමට සමත්විය.

ආරක්ෂක හේතූන් මත, පුද්ගලයා ටිකට් පත මිලදී ගත් වෙළඳසැලේ තොරතුරු පුද්ගලයා තම ත්‍යාගය ඉල්ලා සිටින තෙක් රහසිගතව තබා ගන්නා බව නිවේදනය කර ඇති අතර ජයග්‍රාහකයාට ඔහුගේ ත්‍යාගය ඉල්ලා සිටීමට සති 52 ක කාලයක් ඇත.

මෙය බ්‍රිතාන්‍ය කොලොම්බියා පළාතේ දිනාගත් විශාලතම ත්‍යාග මුදල වුවද,මෙම පළමු අවස්ථාව නොවේ. පසුගිය වසරේ මැයි මාසයේදී, සරේ හි පුද්ගලයෙකු එම ලොතරැයියෙන් ඩොලර් මිලියන 80 ක් දිනාගෙන ඇත.