හල්ලොලුව වෙඩි සිදුවීම – තවත් තුන්දෙනෙකු පොලිස් දැලේ
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරුවෙකු සහ එම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් ඊයේ (27) වත්තල සහ කිරුළපන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන 04ක් ද කොළඹ දිසා අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31, 32, සහ 40 වන වත්තල සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව දිසා අපරාධ කොට්ඨාශය සඳහන් කළේය. මෙම සිද්ධියට අදාළ තවදුරටත් විමර්ශන පවත්වාගෙන යන අතර, සිද්ධියේ තවත් සම්බන්ධකම් ඇති පුද්ගලයින් හඳුනා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
