නේපාලයේ ගැටුම් - ලංකාවේ නේපාල තානාපති කාර්යාල ඉඩම පිරිසක් බලෙන් අල්ලාගෙන

Report

කොළඹ නගරයේ පිහිටා ඇති නේපාල තානාපති කාර්යාලයට අයිති ඉඩමක් කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට පුවතක් වාර්තා වී ඇත.

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මේ පිලිබදව විමර්ශනයක් සිදුකරන මෙන් නියෝග කර ඇත.

අතිරේක මහෙස්ත්‍රාත් නිලාන් වරුෂවිතාන මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කල පැමිණිල්ලට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ලුම්බිණියට ගිය ලාංකිකයන් 73 දෙනා ආරක්ෂිතයි ඉන්දියානු දේශසීමාවට ඇතුල් වුණා

ලුම්බිණියට ගිය ලාංකිකයන් 73 දෙනා ආරක්ෂිතයි ඉන්දියානු දේශසීමාවට ඇතුල් වුණා

එමෙන්ම දෙමටගොඩ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත්තේ නේපාල තානාපති කාර්යාලයට අයත් ඉඩම තුලට අනවසරයෙන් ඇතුළු වූ කණ්ඩායමක් එම ඉඩම සුද්ධ කර එළිපෙහෙළි කරන බවත් ඉන් අනතුරුව එම ඉඩම විකිණිමට සූදානම් වන බවත් පැමිණිලි ලැබීමෙන් අනතුරුව විමර්ෂණය ආරම්භ කල බවයි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ සිද්ධිය පිලිබදව විමර්ෂණය කර එහි තොරතුරු හා ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසයි. 

 

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි