අධ්‍යාපන පද්ධතියම උඩුයටිකුරු කරන තීරණයක් - 6 ශ්‍රේණියට එන දැවැන්ත වෙනස මෙන්න
06 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, එම ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය සියලු සූදානම් මේ වනවිට සිදු කරමින් පවතින බවයි.
06 ශ්‍රේණියට අදාළ මොඩියුල පිළිබඳව අදහස් දක්වමින් ඇය පැවසුවේ, කලින් මුද්‍රණය කළ මොඩියුලවල තිබූ ගැටළු සොයා බැලීමට පත් කළ කමිටුව එහි සමාලෝචන, සංශෝධන යෝජනා සහ සාකච්ඡා සියල්ල අවසන් කර ඇති බවයි.
එම සංශෝධිත මොඩියුල මෙම මාසය තුළ මුද්‍රණය සඳහා යොමු කිරීමට නියමිත බවද ඇය සඳහන් කළාය.
නව ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ජුනි මාසයේදී ආරම්භ වන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් දැනටමත් වෙන් කර ඇති බව අමාත්‍යවරිය පැවසුවාය.
තවද, මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ජූලි මාසයේදී ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් වෙත ලබාදීමට නියමිතය.