අපි දෙන්නාගේ වයස් පරතරය අවුරුදු 14, ජනප්‍රිය ගායක ගයාන් විවාහය ගැන හදිසියේ කල හෙළිදරව්ව..(PHOTOS)
අපේ කළා ක්ෂේත්රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි ගයාන් පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඔහු ගායනා කල ගීත අතරින් ඇයි කළේ, බොරුකාරි, නීල කඳුගැටේ, චන්ද්‍රයන් පිදූ, ඉරිදාට පල්ලියෙදි, රෑක එක රෑක වැනි ගීත අදටත් අපේ රටේ අතිශය ජනප්‍රියයි.
කොහොම නමුත් ඔහු කළා ක්ෂේත්රයෙන් ඈත්ව වසර අටක කාලයක් ඇමරිකාවේ ඉඳලා ඔහුගේ පියා වන සුනිල් පෙරේරාගේ වියෝවෙන් අනතුරුව දැන් නැවතත් ලංකාවට ඇවිල්ලා ඉන්නවා.
ඉතින් ඒත් එක්කම ඉතා සුළු කාලයකින් නැවතත් කළා ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව ඇති ගයාන් අලුත් ගීතයක්ද නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ජනප්‍රිය ගායන ශිල්පියා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඔහුගේ අලුත්ම ගීතයේ නම තමයි “හිතෙන තරම්”. එහි තනුව සහ පදරචනය දෙකම කරලා තියෙන්නේ ඔහු විසින්. ඉතින් ඒ වගේම එහි රැප් කොටස ගායනා කරන්නේ මනසික් කියලා රැප් ගායකයෙක් කියලයි ගයාන් පවසන්නේ. ඉතින් ඒ වගේම වසර ගණනාවකට පස්සේ සිංදුවක් කලත් ඔහුට ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්නම් අඩුවක් නැහැ කියලයි ඔහු පවසන්නේ.
ඉතින් ඒ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා ඔහු හිතුවෙත් නැහැලු. ආදරය සම්බන්ධයෙන් ගොඩක් හැඟීම්බර ගීත ඔහු මීට කලින් ගායනා කරලා නැහැලු. මේක විරහව සම්බන්ධ ගීතයක් කියලයි ඔහු පවසන්නේ. ඒ නිසා මේක ටිකක් වෙනස් වැඩක්ලු. ඒත් එක්කම මේ ගීතයේ ගායනයටත් වඩා රංගනයට හොඳ ප්‍රතිචාර ඔහුට ලැබෙනවාලු.
ඉතින් නැවත ඩැඩී කණ්ඩායමේ ස්ථීර සාමාජිකයෙක් වෙන්න ඔහුට බලාපොරොත්තුවක් නැහැලු. ඒත් ඔවුන් එක්ක “Reunion Concert” එකක් කරන්න ඔහුට බලාපොරොත්තුවක් තියෙනවාලු. ඉතින් ඔහු මින් ඉදිරියට තනි පුද්ගලයකු වශයෙන් සංගීත ක්ෂේත්රයේ ඉන්නවා කියලත් ඔහු පවසනවා. ඉතින් ඒ වගේම ඔහුට පෙම්වතියක් ඉන්නවා කියලත් ඔහු පවසනවා.
ඇය ලංකාවේ කෙනෙක්ලු. ඉතින් ඒ වගේම ඇය තවම ඉගෙනගන්නවාලු. හැබැයි විවාහය ගැන නම් තවම හිතලා නැහැ කියලත් ඔහු පවසනවා. ඉතින් ඒ වගේම ඇයගේ පෙම්වතිය තවම පොඩියිලු. ඇයට වයස 22යි. මට 36යි කියලත් ඔහු එහිදී පවසනවා. ඉතින් ඒ වගේම හොඳ ගීත නිර්මාණ කීපයක් කරලා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඔහු පවසනවා.
_________________________________________________________
You may like this video 👇
රාගම පහදීම නිසා ඇමති අරුන්දිකගේ පුතා පොලිසියෙන් රැගෙන යන වීඩියෝව
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |