උත්සව සමයේ සෞඛ්‍ය අවදානම් ගැන GMOA වෙතින් විශේෂ දැනුවත් කිරීමක්

Report

උත්සව සමයේදී අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැනුවත් කිරීමක් සිදු කර ඇත.

මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ දිවයින පුරා පිහිටි සියලු රෝහල් පැය 24 පුරාම සේවාවන් ලබාදීමට සූදානම්ව සිටින බවත්, ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්ය.

උත්සව සමයේදී පුද්ගල ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

අධිවේගී මාර්ග රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

අධිවේගී මාර්ග රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

විශේෂයෙන් ගිනිකෙළි ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, කුඩා දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඔහු ජනතාවට දැනුම් දුන්නේය.

ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරු ප්‍රමාණය පසුගිය කාලයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, මෙම උත්සව සමය තුළද එවැනි අනතුරු අවම කර ගැනීම අපේක්ෂා කරන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම උත්සව සමයේදී රිය අනතුරු වැඩිවීමේ අවදානමක් පවතින බැවින් රියදුරන් දැඩි සැලකිල්ලෙන් හා වගකීමෙන් රිය පැදවිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

ආන්දෝලනාත්මක ගල් ඉඟුරු ප්‍රශ්න - ලංකා ගල් අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්!

ආන්දෝලනාත්මක ගල් ඉඟුරු ප්‍රශ්න - ලංකා ගල් අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්!