අධිවේගී මාර්ග රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
අධිවේගී මාර්ගවල අධික වේගයෙන් සහ අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
CCTV කැමරා පද්ධතිය භාවිත කරමින් එවැනි වාහන හඳුනා ගැනීමට පියවර ගෙන ඇති අතර අධිවේගී මාර්ග පිවිසුම් ආසන්න ප්රදේශවල පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බව සඳහන් වේ.
උත්සව සමය හේතුවෙන් ජනතාව ගම්බිම් බලා ගමන් කරන බැවින් රථවාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ද ක්රියාත්මක කර ඇති අතර, අනතුරුදායක ලෙස රිය පැදවීමේ නිරත වන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරයි.
මේ අතර, රථවාහන උල්ලංඝනය කිරීම් සම්බන්ධ වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීම සඳහා හඳුන්වා දී ඇති 070 4755600 යන WhatsApp අංකයට එම දර්ශන යොමු කළ හැකි බවද පොලීසිය වැඩිදුරටත් දැනුම් දී ඇත.