සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Report

සූදු ක්‍රීඩා නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ට.. - විශේෂ දැනුම්දීමක්

මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ට.. - විශේෂ දැනුම්දීමක්

මෙම පනත් කෙටුම්පත මඟින් සූදු ක්‍රීඩා නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම, තුරග තරඟ ඔට්ටු ආඥා පනත, සූදු ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත ඉවත් කිරීම ඇතුළු ඒ ආශ්‍රිත කාරණා සඳහා විධිවිධාන සැලසීමට අපේක්ෂිතය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසු මෙම පනත් කෙටුම්පත "සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත" ලෙස හඳුන්වාදීමට නියමිතය.

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

සූදු ක්‍රීඩාවලින් ලැබෙන ආදායම් එකතු කිරීම, ඒවායේ විනිවිදභාවය සහ යහපාලනය සහතික කිරීම, නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කිරීම මෙම අධිකාරිය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වේ.

පසුගිය අප්‍රේල් 21 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අධිකාරිය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වේ.  

''දුව නම් මිස් තරම් ලස්සන නෑ'' - අනුදිගේ අම්මා කියන කතාව

''දුව නම් මිස් තරම් ලස්සන නෑ'' - අනුදිගේ අම්මා කියන කතාව