මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ට.. - විශේෂ දැනුම්දීමක්

By Mithu May 28, 2025 07:00 AM GMT
Report

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ අද (28) මධ්‍ය රාත්‍රීයේ සිට එම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය. මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ආරම්භ කරන බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.