ඉන්ධන සම්බන්ධව ඇමතිගෙන් රතු එළියක්...
අවම ඉන්ධන තොග පවත්වගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කර අත්හිටුවන බව බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් ප්‍රකාශ කළා.
මේ අතර දිනකට අලෙවි වන ඉන්ධන ප්‍රමාණයෙන් සියයට පනහක සංචිතයක් නිතැතින් පවත්වාගෙන යෑමට සෑම ඉන්ධන පිරවුම්හලක්ම නීතියෙන් බැඳී සිටින බවත්, එසේ නොකළ ඉන්ධනහල් පිළිබඳව සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා පවසනවා.
ඉන්ධන මිල සංශෝධනය කළ 31 දා සහ ඊයේ (1දා) ඉන්ධන පිරවුම්හල් අසල පැවති පෝළිම් පිළිබඳව විමසීමේදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |