ලෝකයේ වයස්ගතම වත්මන් අගමැති ලෙස ගිනස් වාර්තාව තැබු හිටපු අගමැතිට දරුණු පරාජයක් - ඇප තැන්පත් මුදලත් අහිමි වෙයි..
By krishani
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත්ව තිබේ.
ඒ ඊයේ (19) පැවති මහ මැතිවරණයෙන් ඔහුට ආසනය අහිමි වී ඇති අතර 8%කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසා ඇප තැන්පතු මුදල ද අහිමි වූ බව වාර්තා වේ.
97 හැවිරිදි මහතීර් මොහොමඩ්ගේ පක්ෂයට ද කිසිම මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට හැකිවී නැත.
1981 සිට 2003 දක්වා වසර 22ක් මලයාසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබ විය.
ඒ වන විට 93 වන වියේ පසුවූ මහතීර් මොහොමඩ් මහතා මාස කිහිපයකට පසු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය.
මහතීර් 2018 දී දෙවන වරටත් අගමැති ධුරයට පත් වූ විට ඔහුගේ 93 වැනි උපන්දිනයට මාස දෙකක් තිබියදී “ලෝකයේ වයස්ගතම වත්මන් අගමැති” ලෙස ගිනස් ලෝක වාර්තාව ද තබා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |