ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්
අඛණ්ඩව රාජකාරී පවත්වා ගෙන යෑමට සිය මාසික වැටුපෙන් අයකර ගැනීමේ පදනමින් විදුලි යතුරු පැදි ලබාදෙන ලෙස ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සදහන් කළේ වයස අවුරුදු පහට අඩු දරුවන්, ගර්භණී මව්වරුන්, පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කෙරෙන ජාතික ප්‍රති ශක්ති කරණ වැඩසටහන, බෝවන රෝග පාලනය, ත්‍රිපෝෂ බෙදාහැරීම, ගර්භණි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් පිළිබඳව සිදු කෙරෙන ගෘහ පිවිසීම් සහ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය වැළැක්වීමට වෙළෙඳසල්, ආපනශාලා, හෝටල් ඇතුළු වැටලීම් ඉන්ධන හිඟයෙන් සහ සීමා කිරීමෙන් මුළුමණින්ම බිඳ වැටීමේ අවදානමක් පවතින බවයි.
ඒ වගේම ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා සාමාන්‍ය ඉන්ධන කෝටාව (ලීටර් 08ක්) කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් අඛණ්ඩව සිය සේවාව සැපයීමට ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට හෝ සිය වැටුපෙන් අය කර ගැනීමේ පදනම යටතේ විදුලි යතුරු පැදි කඩිනමින් ලබා දෙන ලෙසයි