මැතිවරණ කොමිසමේ අලුත් වෙනසක්.
මැතිවරණ කොමිෂන් සභාවට තෝරාගනු ලැබූ නව සාමාජිකයින් 05 දෙනෙකු පිළිබඳ වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ ය.
ඒ ඉදිරි දින කිහිපය තුළ ය.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නව සාමාජිකයින් පත්කිරීම සිදුකරනු ඇත.
පසුගියදා රැස් වූ ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සමාජිකයින් තෝරා ගැනීම සිදුකර ඇත.
එහි සභාපති ධුරය සඳහා හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත්කිරීමට අනුමැතිය ලබා දී ඇත.
ඊට අමතරව කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී පෙරේරා, හිටපු නීතී කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ දීපානී කුමාරජීව, නීතිඥ අමීර් ෆායිස් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය රමේෂ් රාමසාමි යන මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී ඇත.
කෙසේවෙතත්, වසර 05ක කාලයක් සඳහා අදාළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසුව ඔවුන්ගේ නිලකාලය ක්‍රියාත්මක වේ.