අවදානයෙන්..ආර්ථික අර්බුදය උග්‍රයි..මෙරට ආර්ථිකයේ හදිසියේම වෙන්න යන භයානක තත්ත්වය..
විදුලි බිල තෙවතාවක්ම ඉහල නැංවීම මත මෙරට ආර්ථික අර්බුදය උඩු දුවා ඇති බව ආංශික අධික්ෂණ කාරක සභාව පවසනවා.
මේ පිළිබදව කරුණු විමසීම සදහා මහජන උපයෝගීතා කොමිසම කාරක සභාව හමුවට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පැමිණ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නැයි ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.
මෙහිදී මූලික ලෙසම මෙම අධීක්ෂන කාරක සභාව පවසා ඇත්තේ මෙරට ආර්ථික අර්බුදය මේ ගැටලුව මත උඩු දුවා ඇති බැවින් කඩිනමින් මේ සදහා හේතු සාදක ඉදිරිපත් කරන ලෙසයි.
විශේෂයෙන්ම විශාල ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීමට අවස්ථා කිහිපයකදීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබුණා.
ඉදිරියේදි මෙහි අයහපත් ප්‍රතිපල ජනතාවට දායාද විය හැකි බවද ආංශික අදීක්ෂණ කාරක සභාව සදහන් කරනවා.