ටිකට් ගන්න ඇවිත් අදත් දඹුල්ල උණුසුම් වන ලකුණු. (VIDEO)

Report

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි සහ අවසාන T20 ජාත්‍යන්තර තරගය අද (21) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ වන විට එම තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

ටිකට් විකිණීමේ කවුන්ටර් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති අතර එහි දක්වා ඇත්තේ ටිකට් 2,000ක් පමණක් විකිණීමට ඇති බවයි.

ඒ, ක්‍රීඩාංගණයේ, ප්‍රේක්ෂකයින් සඳහා ඇති ඉඩ සැලකිල්ලට ගෙන එවැනි ටිකට් ප්‍රමාණයක් විකිණීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් කියා සිටියේ.