ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා ප්‍රභේද ග්‍රීක අකුරින් නම් කරයි

covid19 WHO new variety Greek letters alfa
By Sewvandhi Jun 01, 2021 02:44 AM GMT
Report

ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව ඇතුලු අනෙකුත් රටවල පවතින කොරෝනා ප්‍රභේද ග්‍රීක අකුරින් නම් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවෙන් සොයාගත් බී එක 617 යි එක ප්‍රභේදය කප්පා ලෙසත් පසුව සොයාගත් බී එක 617 යි දෙක ප්‍රභේදය ඩෙල්ටා ලෙසත් නම් කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයෙන් හමුවූ බී එකයි එකයි හත ප්‍රභේදය ඇල්ෆා ලෙසත් දකුණු අප්‍රිකාවෙන් සොයාගත් බී එක තුන්සිය පනස් එක ප්‍රභේදය බීටා ලෙසත් නම් කරනු ලැබුවා.

බ්‍රසීලයෙන් සොයාගත් පී එක ප්‍රභේදය ගැමා ලෙසත්, පසුව ඉන් වාර්තාවූ පී දෙක ප්‍රභේදය සෙටා ලෙසත් නම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery