අද වාර්තා වූ සමස්ත ආසාධිතයින් ගණන
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 191 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 723 ක්.
තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (11) සිදුව ඇති බවය.
එම මරණ අතරට කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,950කි.
මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 333ක් සුවය ලබා ඇති අතර ඒ අනුව සුවය ලැබු සමස්තය 523,122ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 532ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
