රියදුරන්ට විශේෂ නිවේදනයක් - විශේෂ රථ වාහන සැලැස්මක්
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ මෙරට සංචාරය හේතුවෙන් අද (03) සවස සිට ලබන 6 වැනිදා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
ඒ අනුව, අද පස්වරුවේ සිට හයවනදා ඔහු දිවයිනෙන් පිටව යන තුරු මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.
කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම කොළඹ අවට බොරැල්ල, පුස්තකාල හන්දිය, ගාලුපාර, ගාලුමුවදොර වටරවුම, ජනාධිපති මාවත ඇතුලු මාර්ග කිහිපයක අදාළ අවස්ථාවන්වල එය ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.