දුම්වැටියක මිල ඉහළ දමයි

By Sewvandhi Nov 12, 2021 11:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දුම්වැටි මත අය කරන බද්ද වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කරනු ලබනවා. ඒ අනුව, එක් දුම්වැටියක මිල රු. 5 කින් වැඩි වනු ඇත. මෙමගින් රු. බිලියන 8 ක ආදායමක් රජය අපේක්ෂා කරනවා.

වහාම ක‍්‍රියාත්මක වන පරිදි සුරා බද්ද වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම බදු වැඩි කිරීම මගින් රු. බිලියන 25 ක අතිරේක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

මෝටර් රථ අනතුරුවලට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අයකර ගැනීමට ද, එම ගාස්තුව රක්ෂණයෙන් ප‍්‍රතිපූර්ණය කර ගැනීමට අවස්ථාව ලබාදීමට ද යෝජනා කරනවා.

මේ මගින්, සිදු වන මෝටර් රථ අනතුරු අවම කර ගැනීමට අපේක්ෂා කරනවා. වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට ද, සමා කාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීත්‍යානුකූල නොවන මෝටර් වාහන සහ යතුරු පැදි නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට ද යෝජනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha