පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට..
Sri Lanka Police
By krishani
මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්විමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ ය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩතහනම් කිරීම සම්බන්ධයෙන් නීතිවිරෝධී යැයි ප්‍රකාශකරන මෙන් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව කරුණු දැක්වීමට ය.
පොලිස්පතිවරයාට අද (16) අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නොතීසි නිකුත් කර තිබුණේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |