සමරන්න අපිට නිදහසක් නෑ... උතුරේ විරෝධතාවයක් ..දේශපාලන ප්‍රබලයෝ පිරිසක්ද එක්වෙලා..

Report

නිදහස් දිනය වන අද (04) දිනයේදී උතුරු ජනතාව එම ප්‍රදේශයේ තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත විය.

තමන්ගේ අතුරුදන්වූ ඥාතීන් නොමැතිවීම හා උතුරේ අහිමි වූ සිය ඉඩම් නොමැතිව ඔවුන්ට නිදහසක් නොමැති බව පවසමින් උතුරු ජනතාව මෙලෙස කළු කොඩි ඔසවමින් විරෝධතා වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

මඟුල් ගෙදර ආහාර ගැටළුවක් නිසා හිතුවෙවත් නැති තැනකදී විවාහ වෙන්න වෙලා...

මඟුල් ගෙදර ආහාර ගැටළුවක් නිසා හිතුවෙවත් නැති තැනකදී විවාහ වෙන්න වෙලා...

එලෙසම යාපනය විශ්වවිද්‍යාලයේ ද කළු කොඩි ඔසවා කළු පටි පැළඳගෙන එම සිසුන් විරෝධතාවක නිරත විය.

විරෝධතාවයට එක්වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ යුද්ධය නිමාවී වසර 16ක් ගතවී ඇතත් තමන්ගේ අතුරුදන් වූ ඥාතීන් සම්බන්ධව කිසිදු තොරතුරක් නොමැති බවය.

එමෙන්ම වර්තමාන පාලකයින් හරහාද අතුරුදන්වූන්ගේ ගැටළුවලට නිසි පිළිතුරක් නොලැබෙන බව පෙනී යන බවත් වර්තමාන පාලකයින්ද ජනතාව රවටමින් සිටින බවත් ඔවුන් චෝදනා කර ඇත.

රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම මේ දේ කරන්නැයි කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලයි...(VIDEO)

රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම මේ දේ කරන්නැයි කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලයි...(VIDEO)

මෙම විරෝධය සඳහා සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්,ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ද එක්ව සිටියහ.  

You may like this video