''ලංගම බස් අලුත්වැඩියාවට ගේන අමතර කොටස්වල ප්‍රමිතිය අන්තිම සවුත්තුයි '' ඇමැති කියයි

Report

ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමට සපයන අමතර කොටස්වල ප්‍රමිතිය අඩු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කරයි.

ඒ පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවති සැසිවාරයේදීය.

මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.

ඒ වගේම ලංගම ඩිපෝ සඳහා අමතර කොටස් මිලදී ගැනීමේ සැබෑ තත්ත්වය එතුමා එහිදී හෙළිදරව් කළේය.

අමාත්‍යවරයා සදහන් කළේ වත්මන් රජය පත්වීමට වසර ගණනාවකටත් පෙර සිට ලංගම වෙත අමතර කොටස් සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි වී සිටින බවත් ඉන් බොහෝ දෙනා මෙලෙස ප්‍රමිතියෙන් තොර අමතර කොටස් සපයන බවයි.

ජගත් මනුවර්ණ උසාවිය මගහරිනවාද? මාධ්‍ය වාර්තා කරපු ටිකේ ඇත්ත නැත්ත

ජගත් මනුවර්ණ උසාවිය මගහරිනවාද? මාධ්‍ය වාර්තා කරපු ටිකේ ඇත්ත නැත්ත

තවද අනවශ්‍ය අමතර කොටස් තොග විශාල වශයෙන් ගබඩා කරගෙන සිටින බවත් ඇතැම් ඒවා විනාශයට පත්ව ඇති බවද එතුමා සදහන් කර තිබේ. ලංගමයට විශාල විනාශයක් කර තිබෙන බව එතුමා මෙහිදී සදහන් කළේය.

ඒ වගේම ලංගමය ගොඩ නැගීම මාසයකින් දෙකකින් කළ නොහැකි බවත් එහි යම් සාධනීය තත්ත්වයක් ඇති කරගැනීමට තවත් වසරක් හෝ දෙකක් ගත වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

නමුත්  සාධනීය ලෙස යම් ඩිපෝ ප්‍රමාණයක් වැඩ කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න