පාපැදියත් සියයට සියයකින් ගණන් උස්සයි..

Sri Lanka
By krishani May 31, 2022 02:40 AM GMT
krishani

krishani

Report

ඩොලර් ප්‍රශ්නය නිසා පාපැදි මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි පාපැදි නිපදවන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමයේ ලේකම් රිස්නි ඉස්මත් මහතා පැවසීය.

රුපියල් 18,000 ක පමණ මිලකට පැවැති මවුන්ටන් වර්ගයේ පාපැදියක් සහ කාන්තාවන් පවිච්චි කරන කරන පාපැදියක් රුපියල් තිස් හය දාහකට පමණ ඉහළ ගොස් ඇති බවත් පාපැදි අමතර කොටස් විදේශයන්ගෙන් ගෙනවිත් මෙරට දී එකලස් කිරීම කාලයක සිට සිදුකෙරෙන බවත් පාපැදි අමතර කොටස් සුඛෝපභෝගී භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර 55% ක පමණ බද්දක් අය කිරීම නිසා පාපැදි මිල මෙලෙස ඉහළ දැමීමට සිදු වූ බවත් එම මහතා ප්‍රකාශ කළේය.

පාපැදි අමතර කොටස් සුඛෝපභෝගී භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කර බද්ද සියයට බින්දුව දක්වා අඩු කර හැරියොත් පාපැදියක් රුපියල් දහනව දාහකට පමණ පාරිභෝගිකයාට ලබාදීමට හැකිවන බව ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join

ReeCha