අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්
අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා මෙම මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.
රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානාය ප්‍රකාශ කළේ අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවයි.
වැඩිදුරටත් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත රුපියල් 5,000ක මුදලක් සහ මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත රුපියල් 2,500ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.