ජනපතිගේ සහන පැකේජය එළියට - ජනතාවට දෙන අස්වැසුම ඇතුළු මේ සහනාධාර ඉහළට
රජයේ නව ආර්ථික සහන පැකේජය අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස ක්ෂේත්‍ර කිහිපයකටම මෙම ප්‍රතිලාභ හිමිවනු ඇත. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන සහන කිහිපයක් පහත දැක්වේ.
අස්වැසුම සහ පොහොර සහනාධාර අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන 'අස්වැසුම' දීමනාව අප්‍රේල් මාසය සඳහා ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව අප්‍රේල් මාසයට පමණක් රුපියල් 17,500 අස්වැසුම රුපියල් 25,000 දක්වා රුපියල් 7,500කින් ඉහළට රුපියල් 10,000 අස්වැසුම රුපියල් 15,000 දක්වා රුපියල් 5,000කින් ඉහළට සංක්‍රාන්ති අවදියේ අස්වැසුම රුපියල් 2,500කින් ඉහළට
මීට අමතරව ගොවි ජනතාව දිරිගැන්වීම සඳහා දැනට ලබාදෙන පොහොර සහනාධාරය ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඒ අනුව වී ගොවිතැන සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ දැමේ. අනිරේක භෝග සඳහා ලබාදෙන රුපියල් 15,000ක පොහොර සත්ස්‍යානාධාරය රුපියල් 18,000 දක්වා ඉහළට.
ධීවර ක්ෂේත්‍රයට ඉන්ධන සහනය ඉහළ ගොස් ඇති නිෂ්පාදන පිරිවැය හමුවේ දැඩි අසීරුතාවට පත්ව සිටින ධීවර ප්‍රජාව වෙනුවෙන් ද විශේෂ සහනයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව ධීවර බෝට්ටු සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය ඉදිරි මාස තුනක කාලසීමාව සඳහා ලබාදීමට රජය තීරණය කර තිබේ.