වියට්නාමයේ මහල් නිවාසයක ගින්නක්.

By Hashini Sep 13, 2023 12:02 PM GMT
Report

 වියට්නාමයේ මහල් නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙක් මියගොස් තිබෙනවා.

වියට්නාමයේ Hanoi අගනුවර පිහිටි මහල් නිවාසයේ වාහන නැවැත්වීමේ මහලේ මෙම ගින්න හට ගෙන ඇත.

අදාළ නිවාස සංකීර්ණය මහල් 10කින් සමන්විත වන අතර, පුද්ගලයන් 150ක් පමණ ජිවත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිය ගිය පිරිස් අතර කුඩා ළමුන් තිදෙනෙකු ද සිටින බවයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට පුද්ගලයන් 70ක් පමණ බේරාගෙන ඇති අතර 54 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.