බිත්තර ආනයනයට සැරසෙන ඇමරිකාව
Donald Trump
United States of America
Egg
By Shehan
බිත්තර මිල පාලනය කිරීම සඳහා ඇමරිකාව බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් දකුණු කොරියාවෙන් සහ තුර්කියෙන් බිත්තර ආනයනය කිරීමට මෙම තීරණය ගෙන ඇත.
ඉහළ යන බිත්තර මිල පාලනය කිරීමට සහ රට තුළ බිත්තර නිෂ්පාදනය වැඩි කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඇමරිකානු කෘෂිකර්ම ලේකම් බෲක් රෝලින්ස් ප්‍රකාශ කරයි.
බිත්තර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කුකුළු ගොවිපොළවල තත්ත්වයන් ඉහළ නැංවීමට සහ නොමිලේ උපදේශන සේවා ලබාදීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර ඇති බව වාර්තා වේ.
වසර ගණනාවක් තිස්සේ කුකුළන් අතර කුරුළු උණ පැතිරීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනය පහත වැටීමට මෙය බලපා ඇති බවද සඳහන් වේ.
