මෙරට Online පනතට ඇමරිකාව කනස්සල්ලෙන් - Google සහ Meta විරුද්ධයි.

Report

මෙරට පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය කනස්සල්ලෙන් පසු වන බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චං පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ,මෙම පනතෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට, නවෝත්පාදනයට හා පෞද්ගලිකත්වයට ද බාධාවක් බවයි.

එමෙන්ම විනිවිද භාවයකින් තොරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් එය සකස් කිරීමේදී සියවැල් සමාජ ක්‍රියාකාරීන් හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් වී නැති බවද ජූලි චං වැඩිදුරටත් අවධාරණය කරනවා.

අද සිට ක්‍රියාත්මක ඔන්ලයින් පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි.

අද සිට ක්‍රියාත්මක ඔන්ලයින් පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි.


මේ අතර මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සියයට හැත්තෑවකට වැඩි පිරිසක් කිසිදු දැනුවත් බවක් නැති බවද පෙන්වා දෙන ඇය ගෝලීය වශයෙන් විශාල සමාගම් වන ගූගල් මෙටා ෆේස්බුක් වැනි ආයතන ඇතුළත් සන්ධානයක් විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙම පනත ක්‍රියාවට නැංවිය නොහැකි පනතක් බවයි.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එම පනතෙන් අරමුණු කරන අන්තර්ජාල අපරාධ වැළැක්වීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මතවාද ආක්‍රමණය කිරීමක් ලෙස සැලකිය හැකි බවයි.  

                                                                                     Sponsored By Sarrita Jewellery

මෙරට Online පනතට ඇමරිකාව කනස්සල්ලෙන් - Google සහ Meta විරුද්ධයි. | America Is Worried About Online Act In Sri Lanka