රංගන ශිල්පී තලපති විජේ ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ බව නිවේදනය කර ඇත.
ඒ බව ඔහු නිල X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ය.
ඒ අනුව විජය ජනතා ව්‍යාපාරය "තමිළක වෙට්‍රි කසාගම්" නමින් පක්ෂයක් ලෙස ලියාපදිංචි කර ඇත.
ඔහු එම සටහන මගින් වැඩිදුරටත් සඳහන් කළේ ජනතා ව්‍යාපාරය සුබසාධන වැඩසටහන්, සමාජ සේවා සහ සහනාධාර රැසක් කරමින් සිටින අතරවාරයේ සම්පූර්ණ සමාජ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඇති කිරීමට දේශපාලන බලය අවශ්‍ය බවයි.
Sponsored By Sarrita Jewellery