ගුවන්ගත කළ චන්ද්‍රිකාවක් පෘථිවියට කඩා වැටීමේ අවදානමක්

By Mithu May 01, 2025 11:17 AM GMT
Report

අක්‍රීය වූ සෝවියට් චන්ද්‍රිකාවක් ඉදිරියේදී පෘථිවි වායුගෝලයට පාලනයකින් තොරව ඇතුළුවීමේ අවදානමක් මතු වී ඇතැයි නෙදර්ලන්තයේ චන්ද්‍රිකා නිරීක්ෂණ මධ්‍යස්ථානයක පර්යේෂකයන් අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

1972 දී එවකට සෝවියට් රුසියාව විසින් ගුවන්ගත කරනු ලැබූ කොස්මොස් 482 නැමැති අභ්‍යවකාශයානයෙන් මිදී සිකුරු ග්‍රහයා වෙත පියාසර කිරීමට නියමිතව තිබූ එම චන්ද්‍රිකාව කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වූ බවත්, පසුගිය වසර 50කට අධික කාලයක් පුරා පෘථිවිය වටා කක්ෂගත වී තිබූ බවත් නෙදර්ලන්ත පර්යේෂකයන් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම චන්ද්‍රිකාව පෘථිවියට කඩා වැටෙන ස්ථානය හෝ කලාපය පිළිබඳ මෙතෙක් නිරීක්ෂණය වි නැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ වන විට එම චන්ද්‍රිකාව පෘථීවි වායුගෝලය කරා ගමන් කරමින් තිබෙන අතර, මැයි මස 8 සහ 11 අතර කාලය තුළ පෘථිවි වායුගෝලයට ඇතුළුවනු ඇතැයි අනුමාන කර ඇතැයි වාර්තා වේ.

බස් ගාස්තු වෙනස් වෙයිද?

බස් ගාස්තු වෙනස් වෙයිද?

ටොන් එකක් බරැති මෝටර් රථයක් තරම් විශාල එම චන්ද්‍රිකාව බොහෝදුරට මැයි මස 10 වැනිදා පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ. එය පෘථිවියේ ඕනෑම කලාපයක හෝ ස්ථානයක ගැටෙනු ඇතැයි පර්යේෂකයන් සඳහන් කර තිබේ. එම චන්ද්‍රිකාව පෘථිවියට කඩා වැටීමෙන් සිදුවිය හැකි ඕනෑම හානියකට රුසියානු රජය වගකිවයුතු බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තාරකා හා භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.